තමන්ගේ ක්ශුද්‍ර බව ගැන හැඟීමක් අපරිමිත විශ්වය ගැන හිතනකොට එහෙම නැත්නම් කන්දක් මුදුනක මුහුදු වෙරලේ ඉන්නකොට දැනිලා තියෙනවද, මාර්ටින් වික්‍රමසිංහ අපේ ගම කෘතියේ තමන්ට කොළඹ දියකඩනය මතදී දැනුන හැඟීම ලියනවා කාල් සේගන් ඔහුගේ ඉල්ලීම ලෙස වොයේජර් එක යානයෙන් සැතපුම් බිලියන හතරකින් එහා දී ගන්නා ලද පෘතුවියේ ජායාරූපය අපේ ක්ශුද්‍ර භාවය මතක් කරලා දෙනවා.කාල් වගේම මාර්ටින් වික්‍රමසිංහත් වින්ද හැඟීම මම වින්දා සිංහරාජයේදී මම සිංහරාජ වනාන්තරය අසල කඳු පාමුල තේ වත්තක සීරුවෙන් මගේ හිසට ඉහලින් මහා කන්ද එසවිලා කන්දේ උඩ කොටස වනාන්තරයේ සීමාව කලු පැහැති ඝනකම් තීරුවක් අනන්තය දක්වා පැතිරිලා වන හිසට ඉහලින් පාවෙන සීතල වලාකුලු පලාතම වෙලාගත් පිනි වැස්ස, මගේ ඇස් වලින් නොකඩවා ඒ වශීකෘත දර්ශණය මනසට සම්ප්‍රේෂණය කරනවා අනන්තය තෙක් පැතිරුනු ගූඪ වනාන්තරය.............
කඳුපාමුල ලිලිපුට්ටා මම..