Sunday, September 9, 2018

ක්ශුද්‍ර

තමන්ගේ ක්ශුද්‍ර බව ගැන හැඟීමක් අපරිමිත විශ්වය ගැන හිතනකොට එහෙම නැත්නම් කන්දක් මුදුනක මුහුදු වෙරලේ ඉන්නකොට දැනිලා තියෙනවද, මාර්ටින් වික්‍රමසිංහ අපේ ගම කෘතියේ තමන්ට කොළඹ දියකඩනය මතදී දැනුන හැඟීම ලියනවා කාල් සේගන් ඔහුගේ ඉල්ලීම ලෙස වොයේජර් එක යානයෙන් සැතපුම් බිලියන හතරකින් එහා දී ගන්නා ලද පෘතුවියේ ජායාරූපය අපේ ක්ශුද්‍ර භාවය මතක් කරලා දෙනවා.කාල් වගේම මාර්ටින් වික්‍රමසිංහත් වින්ද හැඟීම මම වින්දා සිංහරාජයේදී මම සිංහරාජ වනාන්තරය අසල කඳු පාමුල තේ වත්තක සීරුවෙන් මගේ හිසට ඉහලින් මහා කන්ද එසවිලා කන්දේ උඩ කොටස වනාන්තරයේ සීමාව කලු පැහැති ඝනකම් තීරුවක් අනන්තය දක්වා පැතිරිලා වන හිසට ඉහලින් පාවෙන සීතල වලාකුලු පලාතම වෙලාගත් පිනි වැස්ස, මගේ ඇස් වලින් නොකඩවා ඒ වශීකෘත දර්ශණය මනසට සම්ප්‍රේෂණය කරනවා අනන්තය තෙක් පැතිරුනු ගූඪ වනාන්තරය.............
කඳුපාමුල ලිලිපුට්ටා මම..

බලාපොරොත්තුව



එතන තිබුනේ මහා ආවාටයක් දහස් ගණනක් මිනිස්සු නොකඩවා ඒ ආවාටය විශාල කරමින් හිටියා අවට කිලෝමීටර් ගානක්ම කලුපැහැති පස් විසිරිලා වැරැහැලි උන කලිසම් ඇඳගත්ත මිනිස්සු නොකඩවා පස් හාරනවා කූඩවලට පුරවනවා මීටර් සියගනනක් උඩට බැඳලා තිබුන ඉනිමං දිගේ පස්කූඩ කරින් ගත්ත මිනිස්සු උඩට නගිනවා  තමන්ගේ වාසනාව උරගාලා බලන්න. පලවෙනි රන් කැබැල්ල හමුවූ වහාම උන්ට ගොඩ ඒමක් නෑ දිගින් දිගින් දිගටම බලාපොරොත්තුව විසින් ඔවුන් පාලනය කරනවා තමන්ගේ ශරීර කෘශවෙලා රෝගාබාධ වලින් පීඩාවට පත් වෙලා ගියත් උන් වැඩ කරනවා අවසානයේ රෝගයකින් හෝ පිහිපාරකින් ජිවිතේ අවසන් වෙනකන් උන් ආවටය ඇතුලේ.

ව්‍යාකූල සිත

ජීවිතය හොඳටම පැටලිලා හරියට මහා ඇලෙක්සැන්ඩර්ට ලිහන්න සිද්ධ උන ගෝර්ඩියන් ගැටය වගේ ජීවිතයේ අරමුණ කුමක්ද ජීවත් විය යුත්තේ කුමක් සඳහාද පරමා...